Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාමයට ලකුණු 2 ක තියුණු ජයක්

මහානාමයට ලකුණු 2 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර 12 වැනි වරටත් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති සීමිත ඕවර තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය.

මන්දාලෝකය නිසා මහානාම ඉනිම ඕවර 47 කට සීමා කෙරුණ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය මහානාම ක්‍රීඩකයෝ ඒ වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියහ. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 47 අවසානයේ මහානාම විදුහලට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වී තිබුණේ ලකුණු 211 ක් පමණක් බැවින් එහිදී ඔවුන්ට ලකුණු 2 ක තියුණු ජයක් හිමිවිය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක (74) සහ පවන්ත විරසිංහ (65) අර්ධ ශතක ලබාගනිමින් මහානාම විදුහලේ ජයග්‍රහණයට මඟ පෙන්වූහ.

කාසියේ වාසිය දිනූ මහානාම කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. විදුහල ඕවර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 236 ක් රැස්කළ අතර පසිඳු ආදිත්‍ය (77) සහ මුදිත ලක්ෂාන් (58) අර්ධ ශතක ලබාගනිමින් ඩී.එස්. ඉනිම ශක්තිමත් කළහ.

මහානාම විදුහලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත් අතර යසිරු කස්තුරිආරචිචි සහ හෂාන් සංදීප කඩුලු 2 බැගින් බිඳහෙළුහ.


ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 236  
(පසිඳු ආදිත්‍ය 77, මුදිත ලක්ෂාන් 58, සෙනාල් චන්ද්‍රසේකර 23, හේෂාන් හෙට්ටිආරච්චි 34/3, යසිරු කස්තුරිආරචිචි 38/2, හෂාන් සංදීප 46/2)

මහානාම විදුහල - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 211
(පවන් රත්නායක 74, පවන්ත විරසිංහ 65, චමල් පොල්ගම්පල 36, සචින්ත හෙට්ටිගේ 40/2)


අදහස් (0)

මහානාමයට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.