අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ හින්දු විදුහල අතර මහානාම ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 115 ක ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී මහානාම විදුහල් ‘බී’ කණ්ඩායමේ නෙත්මිර පෙරේරා (56) සහ රුක්ෂාන් පියුමන්ත (52) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම මෙත්සර සිල්වා ලකුණු 08 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
	හින්දු විදුහල් පළමු ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 34
	(මෙත්සර සිල්වා 00/3, නෙත්මින පෙරේරා 09/3, රුක්ෂාන් පියුමන්ත 00/2)
	මහානාම විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 168
	(නෙත්මිර පෙරේරා 56, රුක්ෂාන් පියුමන්ත 52, ජේ. ලුෂාන් 30/2, ඩබ්ලිව්. ක්‍රිෂෝන් 36/2)
	හින්දු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 19
	(දුලාන් මෙත්විරු 07/5, මෙත්සර සිල්වා 08/5)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.