කොල්ලූපිටිය මහානාම විදුහල සහ බොරැල්ල ඞී. එස්. සේනානායක විදුහල අතර පැවැත්වෙන ‘රන් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගයට සමගාමීව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කරගැනීමට මහානාම විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ඞී. එස්. සේ්නානායක විදුහල් කණ්ඩායමට ඕවර 46.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 185 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ කවීන් බණ්ඩාර පන්දු 103 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත් වුවද, ඞී. එස්. විදුහල ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
මහානාම විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ හර්ෂණ විතානගේ සහ පැතුම් බොතේජු කඩුලූ 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල වෙනුවෙන් පන්දු 101 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සහන් පීරිස් සමත් විය.
මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 213
(සහන් පීරිස් 59, යසිරු පීරිස් 34, හේෂාන් හෙට්ටිආරච්චි 28, මලිඳු මදුරංග 23, කවීන් බණ්ඩාර 33/3, මුදිත ලක්ෂාන් 39/2)
ඞී. එස්. සේනානායක විදුහල - ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී 185
(කවීන් බණ්ඩාර 91, හර්ෂණ විතානගේ 29/2, පැතුම් බොතේජු 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.