Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද රාජපක්ෂ විදුහලට කඩුලු 7ක ජයක්

මහින්ද රාජපක්ෂ විදුහලට කඩුලු 7ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, කොළඹ ආරක්ෂක සේවා පාසලට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල පෙරේදා (14 වැනිදා) සමත් විය. මෙම තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ පාසල් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

ලකුණු 131 ඉලක්කය හඹායාමට පිටියට පිවිසි මහින්ද රාජපක්ෂ  ජාතික පාසල ඕවර 14 කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් සපුරා ගත්තේය. මහින්ද රාජපක්ෂ විදුහලේ මිලංක තුඩුහේන නොදැවී ලකුණු 56 ක්, සංගීත් ශෙහාර ලකුණු 47ක් ලබා සිය ජයග්‍රහණයට දායකත්වය සැපයීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ආරක්ෂක සේවා පාසල් කණ්ඩායමට ඕවර 27.5 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 130 ක් පමණි.


ආරක්ෂක සේවා පාසල - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී ලකුණු 130
(දයනක හසර නොදැවී 40, තිවංක හෂාන් 29, දනුක ලක්ෂාන් 16/2, මිලංක තුඩුහේන 25/2 )

ඹහින්ද රාජපක්ෂ ජාතික පාසල- ඕවර 14 කදී කඩුලු 3කට ලකුණු 134
(මිලංක තුඩුහේන නොදැවී 56, සංගීත් ශෙහාර 47, තිවංක හෂාන් 25/2)

 


අදහස් (0)

මහින්ද රාජපක්ෂ විදුහලට කඩුලු 7ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.