අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 184 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකූණු 338 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඉබ්බාගමුව මැදි විදුහලට ඕවර 36.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153 ක් පමණි.
කඩුලූ 3 බැගින් දවාගත් ලහිරු කුමාරගේ සහ සන්මුගනාදන් සනෝගීත් ඉබ්බාගමුව මැදි විදුහලේ ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් ඩිලාන් මදුසංක පන්දු 85 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 10 ක් සමග වේගවත් ලකුණු 113 ක් රැස්කළේය.
යසස් පිටවල (73) සහ හරිත බෝයගොඩ (56) තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඩිලාන්ට මනා සහයක් දුන්හ.
ති‍්‍රත්ව විදුහල ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 337
(ඩිලාන් මදුසංක 113, යසස් පිටවල 73, හරිත බෝයගොඩ 56, සවිඳු අනුරසිංහ 26, ලහිරු කුමාර නොදැවී 16, චමින්ද බණ්ඩාර නොදැවී 13, එස්. සමරදිවාකර 53/2, ඞී. එන්. ජයසිරි 62/2)
ඉබ්බාගමුව මැදි විදුහල ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 153
(ඞී. අයි. ලියනගේ 51, එන්. එච්. හසින් 40, ලහිරු කුමාරගේ 30/3, සන්මුගනාදන් සනෝගීත් 32/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.