Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට

මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය සඳහා නම්කරන ලද විනිසුරුවන් 16 දෙනා සහ තරග තීරකවරුන් 4 දෙනා අතරට රන්ජන් මඩුගල්ලේ සහ කුමාර් ධර්මසේන යන මහත්වරු ඇතුළත්ව සිටිති. මේ වන විට ටෙස්ට් වරම් හිමි රටවල් 10 ක් තිබෙන නමුත් තරග තීරකවරුන් ලෙසින් ලෝක කුසලාන තරගාවලියට ඇතුළත්ව ඇත්තේ රන්ජන් මඩුගල්ලේ (ශී‍්‍ර ලංකාව), ඩේවිඩ් බූන් (ඕස්ටේ‍්‍රලියාව), ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය) සහ ජවගල් ශ‍්‍රීනාත් (ඉන්දියාව) යන මහත්වරුන් පමණි.
 
අන්තර්ජාතික විනිසුරු මඬුල්ලට ඇතුළත් ශී‍්‍ර ලංකාවේ විනිසුරුවරුන් තිදෙනකු සිටින නමුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තෝරාගනු ලැබ ඇත්තේ කුමාර් ධර්මසේන මහතා පමණි.

ඒ අනුව කොවිඞ් -19 වසංගතයෙන් පසු පළමු වරට, කණ්ඩායම් 16 කින් සමන්විත විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සියලූම තරඟ සඳහා මධ්‍යස්ත විනිසුරුවන් කටයුතු කරනු ඇත. තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වේ.

විනිසුරුවන් 16 දෙනාගෙන් තිදෙනෙකු වන අලීම් දාර්, මාර්යස් එරැුස්මස් සහ රොඞ්නි ටකර් යන මහත්වරුන් විනිසුරුවන් ලෙස කටයුතු කරන 6 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මෙය වන්නේය.

තරඟාවලියේ පළමු තරඟය (සුදුසුකම තේරීමේ වටයේ තරගයකි)  ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර ඔක්තෝම්බර් 17 වන දින පැවැත්වීමට නියමිත අතර, 2019 අයි.සී.සී ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරුවරයෙකු වූ ශ‍්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ නවසීලන්තයේ ක‍්‍රිස් ග‍්‍රැෆන යන මහත්වරුන් විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇත.

රන්ජන් මඩුගල්ලේ මහතා තරග තීරකවරයා ලෙස කටයුතු කරන අතර රිචඞ් කෙට්ල්බරර් මහතා රූපවාහිනී විනිසුරුවරයා ලෙසද, අසන් රාසා මහතා සිව්වන විනිසුරු ලෙසද කටයුතු කරනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය සඳහා නිලධාරී මණ්ඩලය පසුව නම්කරනු ඇත.

තරග තීරකවරු :
රන්ජන් මඩුගල්ල, ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝව් සහ ජවගල් ශ‍්‍රීනාත් යන මහත්වරු

විනිසුරුවරු :
ක‍්‍රිස් බ‍්‍රවුන්, අලීම් දාර්, කුමාර් ධර්මසේන, මාරියස් එරැස්මස්, ක‍්‍රිස් ග‍්‍රැෆනි, මයිකල් ගෆ්, ඒඩි‍්‍රයන් හෝල්ඩ්ස්ටොක්, රිචඞ් ඉලිංග්වර්ත්, රිචඞ් කෙට්ල්බරර්, නිතින් මෙනන්, අසන් රාසා, පෝල් රයිෆල්, ලැන්ග්ටන් රූසර්, රොඞ්නි ටකර්, ජොයෙල් විල්සන් සහ පෝල් විල්සන් යන මහත්වරු


- 2079

 


අදහස් (0)

මඩුගල්ලේ - ධර්මසේන තරග නිලධාරීන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.