Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බුම්රා - බෝල්ට් දිල්ලි පිතිකරුවන් අසරණ කරති

බුම්රා - බෝල්ට් දිල්ලි පිතිකරුවන් අසරණ කරති

editorial - 2020 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ජස්ප්‍රීට් බුම්රාගේ සහ ට්‍රෙන්ට් බෝල්ට්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (31 වැනිදා) ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී මුම්බායි කණ්ඩායම ලැබූ 9 වැනි ජයග්‍රහණය මෙයයි‍‍.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට බුම්රා සහ බෝල්ට් ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. එහිදී ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගැනීමට‍ බුම්රා සමත් වූ අතර‍ෙ බෝල්ට් ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

 එම කඩුලු 3 ත් සමගින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට බුම්රා සමත් වූයේ මේ දක්වා තරග 13 කදී කඩුලු 23 ක් දවාගනිමිනි. ඒ අනුව මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි දිල්ලි කණ්ඩායමේ කගිසෝ රබාඩා (කඩුලු 23) දෙවැනි ස්ථානය දක්වා පහළට වැටිණ‍.
රබාඩා සහ බුම්රා දෙදෙනාම කඩුලු 23 බැගින් දවාගෙන ඇතත් බුම්රා පෙරමුණ ගෙන ඇත්තේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔහු ඉදිරියෙන් සිටින බැවිනි. මෙවර තරගාවලියේ කඩුල්ලක් දවාගැනීමේදී බුම්රාගේ සාමාන්‍යය 15.73 ක් වන අතර රබාඩා කඩුල්ලක් දවාගැවීම සඳහා ලකුණු 18.04 ක් දී තිබේ. තරග 13 කදී කඩුලු 20 ක් දවාගෙන සිටින බෝල්ට් හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ පසුවේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 47 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ක්වින්ටින් ඩි’කොක් (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ග‍ොඩනැගූ කිෂන්, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (නොදැවී 12) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 43 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

 මේ අතර සෙනසුරාදා පැවැති තවත් තරගයකදී බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතරට පැමිණීමට සමත් විය. හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ජේසන් හෝල්ඩර් පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් හයිද්‍ර‍ාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය‍‍.

මූලික වටයේදී හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව ඇති අතර අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සඳහා එම තරගයද ඔවුන් අනිවාර්යෙන්ම ජයගත යුතුය. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගය අඟහරුවාදා (3 වැනිදා) සාජාහිදී පැවැත්වේ.
 
මුම්බායි පිලට කඩුලු 9 ජයක්
දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 110
(ශ්‍රෙයාස් අයියර් 25, රිෂාබ් පාන්ට් 21, ජස්ප්‍රීට් බුම්රා 17/3, ට්‍රෙන්ට් බෝල්ට් 21/3)
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 14.2 කදී කඩුල්ලක් දැවී 111
(ඉෂාන් කිෂන් නොදැවී 72, ක්වින්ටින් ඩි’කොක් 26)

හයිද්‍රාබාද් පිලට කඩුලු 5 ක ජයක්
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 120
(ජෝ පිලිප් 32, ඒ.බී. ඩිවිලියස් 24, වොෂින්ටන් සුන්දර් 21, ගුරුකීත් සිං 15, සංදීප් ශර්මා 20/2, ජේසන් හෝල්ඩර් 27/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 14.1 කදී කඩුලු 5 ක් දැවී 121
(රිධිමන් සාහා 39, මනීෂ් පාණ්‍ඩේ 26, ජේසන් හෝල්ඩර් නොදැවී 26, යුස්වේන්ද්‍ර චාහල් 19/2)
 
 
-036

 


අදහස් (0)

බුම්රා - බෝල්ට් දිල්ලි පිතිකරුවන් අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.