Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිනුර වෙනුවට අසිත කැඳවයි
විස්සයි-20 ලෝක කුසාලන

බිනුර වෙනුවට අසිත කැඳවයි

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කලවේ ආබාධයක් හේතුවෙන් මෙවර විස්සයි-20 ලෝක කුසාලන තරගාවලියෙන් ඉවත්වන බිනුර ප්‍රනාන්දු වෙනුවට දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයකු වන අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. 

බිනුර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූයේ මින් පෙර කළවේ ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකගේ හිදැස පිරවීම වෙනුවෙනි. කෙසේ වුවත් බිනුරට ක්‍රීඩා කළ හැකි වූයේ තරග 3 කට පමණි. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 5 ක් යැවීමෙන් අනතුරුව ඔහු ආබාධයකට ලක්විය. 

මේ වන විටත් අසිත ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කරනු ඇත. විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කදී කඩුලු 2 ක් බිඳහෙළා ඇති අසිත, මෙම වසරේ (2022) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. 

තරගාවලිය අතරතුර ක්‍රීඩකයකු අබාධයකට ලක්වුව හොත් ඔහු වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයකු නම් කිරීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වේ. වසීම් ඛාන්, පීටර් රෝච්, ෂේන් ඩොයිල්, ෂෝන් පොලොක් සහ ඉයන් බිෂොප් යන මහත්වරු මෙම තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරති. 

-036 


අදහස් (0)

බිනුර වෙනුවට අසිත කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.