Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසරේ බිග් බෑෂ් ලීග් විස්සයි20 තරගාවලිය දෙසැම්බර් මාසයේදී සම්පූර්ණ කාලසටහනට අනුව ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටී. එසේ වුවත් කොරෝනා වයිරසය ඊට බලපෑම් කළ හැකි බව ඔව්හු පිළිගනිති.
දැනට සකස් කර ඇති කාලසටහන අනුව 10 වැනි බිග් බෑෂ් ලීග් තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා සත්කාරක ඇඩිලේඞ් ස්ට්‍රයිකර්ස් සහ මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි. ඕස්ට්‍රේලියාව පුරා තරග 60 ක් පැවැත්වෙන අතර අවසන් තරගය පෙබරවාරී 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 29 දක්වා කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය පැවැත්වෙන අතර විකාශකයින් සඳහා වන පොරොන්දු සපුරාලන තරග විකාශ අයිතිය හිමිකරුවන්ට දඩයක් ගෙවීමට සිදු නොවේ.
කෙසේ වෙතත් මෑතකදී මෙල්බර්න් සහ සිඞ්නි නුවර කොරෝනා වයිරසය පැතිරයාමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හරහා ගමන් සීමා කර ඇති බැවින් තරග කාලසටහනට ගැටළු ඇතිවීමේ අවස්ථා තිබේ. මහජනතාවගේ, ක්‍රීඩකයන්ගේ සහ සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සෞඛ්‍ය නියමයන් සකස් කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ බිග් බෑෂ් ලීග් ප්‍රධානී ඇලිස්ටෙයාර් ඩොබ්සන් මහතා පැවසුවේය.
“කොරෝන වයිරසයෙන් බලපෑමක් සිදුනොවුනහොත් නියමිත කාලයේදී කාලසටහන අනුව වැඩ කරන්න පුළුවන්. ඒ සඳහා අපිට බලන් ඉන්න වෙනවා” යැයි ඩොබ්සන් මහතා පැවසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු‘ඒ’ කණ්ඩායම් සංචාර සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන XI ක්‍රීඩා තරග අත්හිටුවා ඇති නමුත් දේශීය ෂෙෆීල්ඞ් පලිහ සහ ගෘහස්ථ ජාත්‍යන්තර තරඟාවලි ඉදිරියට කරගෙන යාමට ඔවුන් සැලසුම් කර ඇත. ඒ අතරට මුදල් ඉපයීමේ තරගාවලියක් වන තරග 4 කින් සමන්විත බෝඩර් - ගවස්කාර් ටෙස්ට් තරගාවලියද ඇතුළත්වේ.
කෙසේ වෙතත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය කල්දමන්නේද යන්න පිළිබඳව තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.