Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් පිල 5 වැනි ජයත් ලබයි
අයි.පී.එල්. 2023

බැංගලෝර් පිල 5 වැනි ජයත් ලබයි

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 43 වැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. ලක්නව්හිදී පැවැති මෙම තරගයෙන් ලැබූ ජයත් සමග මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායම ලැබූ ජයග්‍රහණ සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගියේය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායමට ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. ජොෂ් හෙසල්වුඩ් සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් ලක්නව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. එහිදී නායක ෆෆ් ඩුප්ලෙසී පන්දු 40 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. විරාට් කෝලි පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නවීන් උල්හක් ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර රවි බිෂ්නෝයි සහ අමිත් මිෂ්රා කඩුලු 2 බැගින් බිඳහෙළමින් බැංගලෝර් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා නවීන්ට අනගි සහායක් දුන්හ.   


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 126
(විරාට් කෝලි 31, ෆෆ් ඩුප්ලෙසි 44, දිනේෂ් කාර්තික් 16, නවීන් උල්හක් 30/3, රවී බිෂ්නෝයි 21/2, අමිත් මිෂ්රා 21/2)

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 108
(කෘනාල් පාණ්ඩ්‍යා 14, ක්‍රිෂ්නප්පා ගෞතම් 23, අමිත් මිෂ්රා 19, ජොෂ් හෙසල්වුඩ් 15/2, කරන් ශර්මා 20/2)

 

-036


අදහස් (0)

බැංගලෝර් පිල 5 වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.