ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ අන්තර් පාසල් බාලිකා (ලෙදර් පන්දු) ක‍්‍රිකට් තරගාවලියට අයැදුම්පත් ලබන පෙබරවාරී මස 6 වැනිදා දක්වා බාරගැනේ. මෙම තරගාවලිය ලබන මාර්තු මස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විදුහල්පතිවරයාගේ නිර්දේශය ඇතිව, ලේකම්, ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය, නො. 35, මේට්ලන්ඞ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයෙන් අයැදුම්පත් ලබාගත හැකිය.
තරගාවලිය පිළිබ`දව වැඩි විස්තර 0718-242996 දුරකථනයෙන් බාලිකා තරගාවලි ලේකම් චම්පිකා වීරතුංග මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.