Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බන්දුල වර්ණපුර රෝහලේ

බන්දුල වර්ණපුර රෝහලේ

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අසනීපවීමෙන් රෝහල්ගත කර තිබේ. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. 

වර්ෂ 1982 දී එංගලන්ත පිලට එරෙහිව, කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ වර්ණපුර මහතා ටෙස්ට් තරග 4 කදී ලකුණු 96 ක් සහ එක්දින තරග 12 කදී ලකුණු 180 ක් ලබා ඇතත් ඔහුගේ අන්තර්ජාතික තරග දිවිය 1983 දී නිමාවට පත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ වර්ණපුර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 

වර්ණපුර මහතාට සෙත් පතා හෙට දින දිවයිනේ විහාරස්ථාන 10 ක එකම අවස්ථාවේදී පින්කම් 10 ක් පැවැත්වේ. 

- 213

 


අදහස් (0)

බන්දුල වර්ණපුර රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.