Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බණ්ඩාරනායකයට ලකුණු 316 ක විශිෂ්ට ජයක්

බණ්ඩාරනායකයට ලකුණු 316 ක විශිෂ්ට ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ ගිරිඋල්ල වික‍්‍රමශිලා විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 316 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බණ්ඩාරනායක විදුහල සමත්විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 422 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය වික‍්‍රමශිලා විදුහලට  ඕවර 21.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 105 ක් පමණි. බණ්ඩාරනායක විදුහලේ මිනෝයි අංජුල සහ සහන් ජයතිලක කඩුලූ 3 බැගින් දවාගනිමින් වික‍්‍රමශිලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට දායක වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බණ්ඩාරනායක විදුහල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 421 ක් රැුස්කළේය. එහිදී වගීෂ වන්නිආරච්චි ලකුණු 150 ක් රැුස්කළ අතර මාධව ද සිල්වා (100) සහ සසිරි අදිකාරි (54) සමග එක්වූ ඔහු තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 421 ක් දක්වා ඔසවා තැබීය.

බණ්ඩාරනායක විදුහල -  ඕවර 50 කදී කඩුලූ 8 කට 421
(වගීෂ වන්නිආරච්චි 150, මාධව ද සිල්වා 100, සසිරි අදිකාරි 54, රශ්මිත කොඩිතුවක්කු 37, දුල්ෂාන් ධනංජය 37, ශෂික සඳගිරි 70/4, ළහිරු ප‍්‍රසන්න 74/2)

වික‍්‍රමශිලා විදුහල -  ඕවර 21.4 කදී සියලූ දෙනා දැවී 105
(සචිත් මධෂාන් 22, රශ්මිත කොඩිතුවක්කු 17/3, මිනෝයි අංජුල 53/3, සහන් ජයතිලක 11/2)

036


අදහස් (0)

බණ්ඩාරනායකයට ලකුණු 316 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.