Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බට්ලර්ගේ දෙවැනි ශතකය රාජස්ථාන් දිනවයි
අයි.පී.එල්. - 2024

බට්ලර්ගේ දෙවැනි ශතකය රාජස්ථාන් දිනවයි

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 31 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩායම සමත් විය. රාජස්ථාන් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමටද රාජස්ථාන් කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ, කඩුලු 8 ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී ඉලක්කය සපුරා ගත්හ. මෙවර තරගාවලියේදී සිය දෙවැනි ශතකය ⁣ලබාගත් ආරම්භ පිතිකරු ජොස් බට්ලර් පන්දු 60 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 107 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 223 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 56 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 109 ක් රැස්කළේය.

අංග්ක්‍රිෂ් රඝුවංෂි (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නරේන්, ඉන් නොනැවතී ඔන්ඩි්‍ර රසල් (13) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොල්කටා කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 223
(සුනිල් නරේන් 109, අංග්ක්‍රිෂ් රඝුවංෂි 30, රිංකු සිං නොදැවී 20, අවේෂ් ඛාන් 35/2, කුල්දීප් සෙන් 46/2)

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 224
(යෂස්වි ජයිස්වාල් 19, ජොස් බට්ලර් නොදැවී 107, රියාන් පරාග් 34, රෝමන් පවෙල් 26, සුනිල් නරේන් 30/2, වරුණ් චක්‍රවර්ති 36/2, හර්ෂිත් රානා 45/2)

 

-036

අදහස් (0)

බට්ලර්ගේ දෙවැනි ශතකය රාජස්ථාන් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.