Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය ලකුණු 218 ක් ඉදිරියෙන්

බංග්ලාදේශය ලකුණු 218 ක් ඉදිරියෙන්

editorial - 2021 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙහෙදි හසන් (58/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ චැට්ටෝග්‍රැම්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ සිකුරාදා (5 වැනිදා) සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි.

ක්‍රේග් බ්‍රැත්වේට් (76) සහ ජර්මේන් බ්ලැක්වුඩ් (68) අර්ධ ශතක ලබාගැනීමට සමත්වුවද කොදෙව් ඉනිම ශක්තිමත් කිරීමට එය ප්‍රමාණවත් නොවීය. කයිල් මේයර්ස් ලකුණු 40 ක් සහ ජොශුවා ද සිල්වා ලකුණු 42 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

මෙහෙදි හසන් කඩුලු 4 ක් ද මුස්ටෆිසුර් රහමන්, නයිම් හසන් සහ තයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා කොදෙව් පිතිකරුවන් තල්ලු කිරීමට ගත් උත්සහය අසාර්ථක වූ බංග්ලාදේශ ලකුණු 171 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීය.

නමුත් ඔවුන් නොසිතූ අයුරින් ලකුණු 33 ක් තුල කඩුලු 3 ක් දවාගනිමින් පීඩනයක් ඇති කිරීමට රකීම් කෝන්වෝල් සහ ශැනන් ගේබි්‍රයල් සමත්වූහ.

නායක මොමිනුල් හක් ලකුණු 31 ක් සහ මුෂ්ෆිකූර් රහ්මන් ලකුණු 10 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 430
(ශද්මන් ඉස්ලාම් 59, නජ්මුල් හොසේන් 25, මොමිනුල් හක් 26, මුෂ්ෆිකුර් රහීම් 38, සකීබ් අල් හසන් 68, ලිටන් දාස් නොදැවී 38, මෙහෙදි හසන් 103, තයිජුල් ඉස්ලාම් 18, නයීම් හසන් 24, ජොමේල් වැරිකන් 133/4, රකීම් කෝන්වෝල් 114/2)

බ.ඉ. කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 259
(ක්‍රේග් බ්‍රැත්වේට් 76, කයිල් මේයර්ස් 40, ජර්මේන් බ්ලැක්වුඩ් 68, ජොශුවා ද සිල්වා 42, මෙහෙදි හසන් 58/4, මුස්ටෆිසුර් රහමන් 46/2, නයිම් හසන් 54/2, තයිජුල් ඉස්ලාම් 84/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 47
(මොමිනුල් හක් නොදැවී 31, රකීම් කෝන්වෝල් 28/2)

- 036

 


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 218 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.