Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
--------------------
දමින්ද විජේසූරිය
-------------------
සම්පූර්ණ දින දෙකකම ක්‍රීඩාව අවසන් වූවත් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එක ඉනිමක් හෝ නිමාකරගත නොහැකි විය. තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) සවස මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 474 ක් ලබා සිටියේය.
මේ වන විට බංග්ලාදේශය ලබා සිටින ලකුණු සංඛ්‍යාව අනුව මෙම තරගයේදී පරාජයෙන් ආරක්‍ෂා වීමේ වැඩි ඉඩක් සංචාරක කණ්ඩායම සතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම රඳා ඇත්තේ ඉදිරි දින තුන තුළදී දේශීය පිතිකරුවන් දක්වන දස්කම් අනුවය.
කඩුලු 8 ක් අතේ තිබියදීත්, පුවරුවේ ලකුණු 300 ක් තිබියදීත්, අද දිනයේ යැවුණු ඕවර 65 කින් බංග්ලාදේශ පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 172 ක් පමණි. තරගයේ පළමු දිනයට සාපේක්‍ෂව එය ඉතාමත් පහළ ලකුණු වේගයකි. ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනය පත්කළ හැකිවන පරිදි ඉනිම නතර කිරීමේ අභිලාශයක් බංග්ලාදේශ කණ්ඩායම නොපෙන්වීය.
කෙසේ වෙතත් අද දිනයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවීම වඩාත් හොඳ මට්ටමක වූයේ ලකුණු ගලායාම පාලනය කරගනිමින් පන්දු යවන ලෙස උපදෙස් ලැබුණු බැවිනි. ඊයේ අතිරේක ලකුණු 22 ක් දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද දිනයේදී තිළිණ කළේ අතිරේක ලකුණු 6 ක් පමණි.
මන්දාලෝකය හේතුවෙන් තරගයේ පැය එකහමාරක් පමණ අපතේ ගියද එයින් සිදුවූ විශාල බලපෑමක් නැත. සිදුවූ එකම දෙය වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විවේකයක් ලැබීම පමණි.
සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් නජ්මුල් හොසේන් එය ලකුණු 163 දීර්ඝ ඉනිමක් බවට පරිවර්තනය කළේය. පැය 9 කට ආසන්න කාලයක් (විනාඩි 531 ක්) පිටියේ රැඳුණු හොසේන් පන්දු 378 කට මුහුණ දෙමින් ඒවායින් 18 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඒවායින් එකක් ලණුවට ඉහළින් පියාඹා ගියේ අලංකාර ඉන්සයිඩ් - අවුට් පහරකිනි. ඔහුගේ හතරේ පහර වැඩි සංඛ්‍යාවක් ගලා ගියේ පොයින්ට් සහ මිඩ් ඕෆ් කලාප අතරිනි.
ද්විත්ව ශතකයක් කරා යන බවක් විද්‍යමාන කළ නජ්මුල්, පන්දු යැවූ ළහිරු කුමාරට උඩපන්දුවක් දීමත් සමගම තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 242 ක වාර්තාගත සම්බන්ධතාව අවසන් විය. ඔහු පළමු දිනයේදීත් ටමීම් ඉක්බාල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
නායක මොමිනුල් හක් ටෙස්ට් ශතක 10 ක් ලබා සිටියද සිය මව්බිමෙන් පිටතදී ලබාගත් පළමුවැන්න මෙයයි. විතීවි පහසුකමට ස්තුති වන්නට ලකුණු 12 ක් ලබාසිටියදී සිය කඩුල්ල ආරක්‍ෂාකරගත් හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් එතැන් සිට කිසිදු අපහසුතාවකින් තොරව පන්දුවට පහර දුන්නේය.
දැනට රටේ පවත්නා තත්ත්වය අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණය නරඹන්නන්ගෙන් තොරව තරගය පැවැත්වේ. අද තරගයේ දෙවැනි දිනයයි.
තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.