බංග්ලාදේශ වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නවීඞ් නවාස් මහතා පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
“2020 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලානය තෙක් ප්‍රධාන පුහුණූකරු ලෙස ඔහුව පත්කර තිබෙනවා. විවිධ වයස් මට්ටමේ ක්‍රීඩකයන් සමග වැඩකිරීමේදී ඔහු සතු අත්දැකීම් සමුදාය උදව්වෙන් අපගේ ක්‍රීඩකයන් ඉදිරියට ගෙනයාමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත.
2009 වසරේදී ශ්‍රී ලංකා වයස 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු ධූරය හෙබවු නවාස් මහතා ශ්‍රි ලංකා ‘ඒ’ කණ්ඩායට සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විවිධ අවස්ථා වලදී ඔහුගේ සේවය ලබාදී ඇත.
44 වැනි වියෙහි පසුවන නවීඞ් නවාස් මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගකට සහ එක්දින තරග 3 කට ක්‍රීඩාකර ඇත. බ්ලූම්ෆීල්ඞ් සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කර ඇති නවාස් මහතා පළමු පෙල ක්‍රිකට් තරග 131 කදී ලකුණු 6892 ලබා ගැනීමට සමත් විය.
-092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.