Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොප් - බට්ලර් එංගලන්ත ඉනිම ගොඩනඟති

පොප් - බට්ලර් එංගලන්ත ඉනිම ගොඩනඟති

editorial - 2020 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හිදී අද (24 වැනිදා) ආරම්භවූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය, පළමු දිනට අවසන් කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් රැස්කිරීමට සමත්විය. 

පළමු දිනය නිමාවට පත්වන විට ඔලී පොප් ලකුණු 91 ක් සහ ජොස් බට්ලර් ලකුණු 56 ක් ලබාගනිමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 136 ක සම්බන්ධතාවයක් ගොඩනඟා තිබූණහ. දිවා ආහාරයට තරගය නතර කරනවිට කඩුලු 2 කට ලකුණු 66 ක් සහ දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා කාලය තුල තවත් කඩුලු 2 ක් දැවී ලකුණු 65 ක් රැස්කළ එංගලන්ත පිතිකරුවෝ දිනයේ අවසන් භාගයේදී කඩුලු ලබානොදෙමින් ලකුණු 127 ක් රැස්කිරීමට සමත්වූහ.

ඔලී පොප් සිය 4 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර ජොස් බට්ලර් සිය 16 වැනි අර්ධ ශතකය ලබාගැනීමට අද සමත්විය.

පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ඩොම් සිබ්ලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් කේමාර් රෝච් ලකුණු ලබාගැනීමට ප්‍රථම ඔහුව නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය. රොරී බර්න්ස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක ජෝ රූට් ආරක්ෂාකාරී පිහිහරඹයක නිරතවුවද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට ලක්විය. 

රොරී බර්න්ස්ගේ පිත්තේ වැදුණු පන්දුව තර්ඩ්මෑන් කළාපයට ගිය අතර පන්දු යවන්නන්ගේ අන්තයේ සිටි ජෝ රූට් ඉක්මන් ලකුණක් සඳහා පැති මාරූ කරගැනීමට උත්සහ කළේය. නමුත් වේගයෙන් පන්දුව වෙත ලඟාවූ රොස්ටන් චේස් පන්දුව කඩුලු රකින්නාගේ අන්තයට යොමුකළ අතර එය කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු 17 ක් ලබාසිටි ජෝ රූට්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. 

සිය දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 20 ක් රැස්කර සිටි බෙන් ස්ටෝක්ස් දවාගැනීමට කෙමාර් රෝච් සමත්විය. පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ස්ටෝක්ස් දැවීයන විට පන්දු 43 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු රොරී බර්න්ස් දවාගැනීමට රොස්ටන් චේස් සමත්විය. රකීම් කෝන්වොල් අතට උඩපන්දුවක් දෙමින් බර්න්ස් දැවීයන විට ලකුණු 57 ක් රැස්කර සිටි අතර පන්දු 147 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. සිය ටෙස්ට් දිවියේ හත්වැනි අර්ධ ශතකය ලබාගැනීමට ඔහු සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහරදීම සඳහා එංගලන්ත නායක ජෝ රූට්ට ආරාධනා කළේය.

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 131
(රොරී බර්න්ස් 57, බෙන් ස්ටෝක්ස් 20, ඔලී පොප් නොදැවී 91, ජොස් බට්ලර් නොදැවී 56, කෙමාර් රෝච් 56/2)

 

-  2079

 


අදහස් (0)

පොප් - බට්ලර් එංගලන්ත ඉනිම ගොඩනඟති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.