Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් අතරින් ගිවිසුම් කාලය අවසන් වන පුහුණුවන්ගේ සේවය දීර්ඝ නොකිරීමටත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු සෙසු පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ (23) තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් නොවන ආකාරයට මෙය විසඳාගත යුතු බවයි.
“ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් අතරින් කීපදෙනකුගේ ගිවිසුම් කාලය අවසන් වෙලා තියෙනවා. එම පුහුණුකරුවන්ගේ සේවය නැවත දීර්ඝ නොකිරීමට විධායක කමිටුව තීරණය කළා”
“තව දුරටත් ගිවිසුම් කාලය තිබෙන පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කරලා ඔවුන් සමඟ එකඟතාවකට ඇවිල්ලා සුදුසු පියවර ගන්න විධායක කමිටුව තීරණය කළා”
“ක්‍රීඩා අමාත්‍යංශයෙන් සියලුම පුහුණුකරුවන් ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. අපි ඒ සඳහා කටයුතු කළ යුතුයි. නමුත් එහිදී එම පුහුණුකරුවන්ගේ පැත්තෙන් සහ නැවත අපිට පුහුණුකරුවකු ලබාගන්න හැකිවන පරිදි කටයුතු කළ යුතුයි” යැයි ද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ජෝන් ලුවිස් යන මහත්වරු කටයුතු කරති.
රුමේෂ් රත්නායක මහතා ඇතුළු දෙදෙනකුගේ සේවා ගිවිසුම ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන් වූ බව ද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.