සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වයස 19 න් පහළ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අද (14 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
තරගය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය 19 න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 384 ක් ලබා සිටියේය. එහිදී පවන් ෂා (70), දේව්දත් පඩිකල් (75), ආර්යන් ජුයාල් (50) සහ අයුෂ් බදෝනි (59) ඉන්දීය 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
එම ක්‍රීඩකයන් අතරින් පවන් ෂා, දේව්දත් පඩිකල් සහ ආර්යන් ජුයාල් තිදෙනාම දැවී නොගියත්, සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සළසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 19 න් පහළ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ වී.කාන්තන් ලකුණු 63 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත් කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 12 දෙනකුගේ සේවය ලබාගත්තද, ඔවුන් අතරින් කාන්තන් හැරුණු කොට කඩුල්ලු දවාගැනීමට සමත් වූයේ ලක්ෂාන් ගමගේ, මහේෂ් තීක්ෂණ සහ මෙදුලක විජේතිලක පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 19 න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ඉන්දීය 19 න් පහළ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
එහිදී කලිඳු චිහාන් ලකුණු 61 ක්, සොනාල් දිනූෂ ලකුණු 50 ක් සහ නායක කමිල් මිෂාර ලකුණු 40 ක් බැගින් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී ඉන්දීය 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙනු දස්කම් දැක්වූ ආකාෂ් පාණ්ඬේ, මුලු ලකුණු සංඛ්‍යාව 64 ක් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 19 න් පහළ පිල - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 253
(කමිල් මිෂාර 40, අෂෙන් ප්‍රනාන්දු 15, සොනාල් දිනූෂ 50, කලිඳු චිහාන් 61, රවිඳු ප්‍රනාන්දු 37, මහේෂ් තීක්ෂණ නොදැවී 15, ලක්ෂාන් ගමගේ නොදැවී 15, ආකාෂ් පාණ්ඬේ 27/3, අතර්ව තායිඬේ 10/2)
ඉන්දීය 19 න් පහළ පිල - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 384
(පවන් ෂා 70, අනුජ් රාවත් 28, අතර්ව තායිඬේ 25, දේව්දත් පඩිකල් 75, ආර්යන් ජුයාල් 50, යෂ් රාතෝඞ් 36, අයුෂ් බදෝනි 59, වී.කාන්තන් 63/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.