අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් වාර්තා කිරීමට පී. ද එස්. කුලරත්න විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය පී. ද එස්. කුලරත්න විදුහල, ඕවර 38.2 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පී. ද එස්. කුලරත්න විදුහලේ මලීෂ හර්ෂජීව ලකුණු 50 ක් රැුස්කරමින් සහ ලකුණු 26 කටකඩුලූ 2 ක් දවාගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහල වෙනුවෙන් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට තරිඳු මධුෂාන් සමත්විය.
දේවපතිරාජ විදුහල ඕවර 40.4 කදී සියලූ දෙනා දැවී 191
(තරිඳු මධුෂාන් නොදැවී 58, මධුරංග පියුමන් 19, ගීත් මොරීන් 17, නුවන් සඳරුවන් 14, නිලංක රුක්ෂිත 14, චලිත චමෝද් 46/4, මලීෂ හර්ෂජීව 26/2)
පී. ද එස්. කුලරත්න විදුහල ඕවර 38.2 කදී කඩුලූ 4 ක් දැවී 195
(මලීෂ හර්ෂජීව 50, සචිත් හිරාන් නොදැවී 44, අෂේන් සංජු නොදැවී 33)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.