Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස කළුතර මහ විදුහලේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා නිතරගයෙන් පත්විය. සරත්චන්ද්‍ර සිල්වා මහතා වසර කීපයක සිට පාසල් රග්බි සංගමයේද උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි.
පාසල් ක‍්‍රිකට් සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය පසුගියදා අධ්‍යාපනය අමාත්‍යංශයේදී පැවැත්විණි.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්ය කපිල ජයලත් මහතා වැඩි ඡුන්දයෙන් ලේකම් ධූරයට පත්විය. කපිල මහතා පාසල් ක‍්‍රිකට් සංගමයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයකුද වේ.
මෙවර ලේකම් ධූරයට නිලධාරීන් තිදෙනෙක් තරග වැදීම කැපී පෙනුණි. එම ඡන්ද විමසීමේදී කපිල ජයලත් මහතා ඡන්ද 88 ක්, කොළඹ නාලන්දා විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් වූ සමන් හෙට්ටිආරච්චි මහතා ඡන්ද 67 ක් සහ රත්ගම දේවපතිරාජ විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිශාන්ත කුමාර මහතා ඡන්ද 41 ක් ලබාගත් අතර කපිල ජයලත් මහතා වැඩි ඡන්ද 21 කින් ලේකම් ධූරයට පත්විය.
උප භාණ්ඩාගාරික ධූරයට බලන්ගොඩ ආනන්දමෛත‍්‍රී විදුහල නියෝජනය කළ ප‍්‍රදීප් ධර්මසේන (ඡන්ද 45) සහ මහරගම ජනාධිපති විදුහල නියෝජනය කළ වසන්ත කාරියවසම් (ඡන්ද 17) යන මහත්වරු ඉදිරිපත් වූ අතර එහිදී වැඩි ඡන්ද 28 කින් ප‍්‍රදීප් ධර්මසේන මහතා උප භාණ්ඩාගාරික ධූරයට පත්විය.
කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතාගේ නම සභාපති ධූරයට යෝජනා කළ ද ඒ මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය.
පාසල් ක‍්‍රිකට් සංගමයේ 2016 වසරේ නිලධාරී මණ්ඩලය:
සභාපති:
සරත්චන්ද්‍ර සිල්වා මහතා (විදුහල්පති - කළුතර මහ විදුහල)
උප සභාපතිවරු:
බී. ඒ. අබේරත්න (විදුහල්පති - කොළඹ රාජකීය විදුහල), ඔෂාර පණ්ඩිතරත්න (විදුහල්පති - ලූම්බිණි විදුහල), ජගත් සේනාරත්න (විදුහල්පති - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), මොහාන් වික‍්‍රමසිංහ (විදුහල්පති - කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල) මහත්වරු සහ ඥානපොන්රාජා පියතුමා (විදුහල්පති - යාපනය ශාන්ත ජෝන් විදුහල)
ලේකම් - කපිල ජයලත් (කරන්දෙණිය ම.ම.වි.)
උප ලේකම් - ලීලාලන්ද කුමාරසිරි මහතා (හම්බන්තොට සූචී ජාතික පාසල)
භණ්ඩාගාරික - මංජුල වාස් මහතා (රාගම බැසිලිකා විදුහල)
උප භාණ්ඩාගාරික - ප‍්‍රදීප් ධර්මසේන මහතා (බලන්ගොඩ ආනන්දමෛත‍්‍රී විදුහල)
තරගාවලි ලේකම්වරු:
වයස 19 න් පහළ: කමල් ඉන්ද්‍රජිත් මහතා (කෑගල්ල මහ විදුහල)
වයස 17 න් පහළ: වසන්ත හපුතන්ත‍්‍රි මහතා (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
වයස 15 න් පහළ: මහින්ද උඩුවැරැුල්ල මහතා (කුරුණෑගල මලියදේව විදුහල)
වයස 15 න් පහළ අතිරේක ලේකම්: පාලින්ද මහී ද සිල්වා මහතා (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල)
වයස 13 න් පහළ: මලික් කීර්ති මහතා (කදාන මැසිනොද් විදුහල)
වයස 13 න් පහළ අතිරේක ලේකම්: ඒ. අතපත්තු මහතා (ඉබ්බාගමුව ආදර්ශ විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.