Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුරේ ‘හරිත සටන’ 25-26

පානදුරේ ‘හරිත සටන’ 25-26

ශනුක අරවින්ද - 2016 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 24 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දෙදින පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 23 දී රාජකීය විදුහල තරග තුනක් ද, ශාන්ත ජෝන් විදුහල තරගයක් ද ජය ලබා තිබේ. අවසන් වරට රාජකීය විදුහල 2012 වසරේ චරිත් රුචිරංගගේ නායකත්වයෙන් ජය ලැබීය.

මෙවර රාජකීය විදුහලේ නායකයා ලෙස හෂාන් විමුක්තිද, ශාන්ත ජෝන් විදුහලේ නායකයා ලෙස තනූජ අකලංකද, කටයුතු කරති.

‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන පානදුර රාජකීය විදුහල මෙම තරග වාරයේ තරග 12 කට ක‍්‍රීඩා කරමින් හොරණ තක්‍ෂිලා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූ අතර තරග 6 ක් පරාජයට පත්ව තිබේ. පවන් ඩයස් මෙම තරග වාරයේ ලකුණු 842 ක් රැස්කරමින් රාජකීය විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි.

නායක හෂාන් විමුක්ති (485), රුසිරු රවිශංඛ (352) සහ නිලාන් ප‍්‍රනාන්දු (350) රාජකීය විදුහල් පිල ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

හෂාන් විමුක්ති කඩුලූ 28 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ රාජකීය විදුහල් පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. රුසිරු රවිශංඛ (25) සහ භාෂිත ලක්‍ෂාන් (25) මෙම තරග වාරයේ රාජකීය විදුහල් පිලේ කඩුලූ අතර සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.

‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක‍්‍රීඩා කරන ශාන්ත ජෝන් විදුහල් පිල මෙම තරග වාරයේ තරග 12 කට සහභාගි වී එහිදී කොළඹ අශෝක සහ කළුතර සිරිකුරුස යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණය ලැබීමට සමත් වූ අතර කිසි`දු තරගයක් පරාජයට පත්ව නොමැත.

මෙවර ශාන්ත ජෝන් විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන ආරම්භක පිතිකරු කවිදු කුලරත්න ලකුණු 535 ක් රැස්කරමින් දකුණතින් පා දඟ පන්දු යවන්නකු ලෙස කඩුලූ 31 ක් ද දවාගෙන තිබේ. නදුන් දර්ශන (484), නායක තනූජ අකලංක (457), සිතුම් ප‍්‍රමෝද (405) මෙවර ශාන්ත ජෝන් විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු පිතිකරුවෝ වෙති.

මෙම තරග වාරයේදී මාලිත් ගුණවර්ධන (28), තනූජ අකලංක (27) සහ තමිදු නිවර්තන (23) ශාන්ත ජෝන් විදුහල් පිලේ කඩුලූ අතර සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.

මෙම විදුහල් දෙක අතර ජී. සී. රොබට් අනුස්මරණ කුසලාන වෙනුවෙන් වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 27 වැනිදා පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

පානදුර රාජකීය විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: කපිතාන් ටී. ඩබ්ලිව්. මහින්දරත්න මහතා (ක‍්‍රීඩා බාර ආචාර්ය), පවන් ඩයස්, හෂාන් විමුක්ති (නායක), ඩබ්ලිව්. එම්. සොයිසා මහතා (නියෝජ්‍ය විදුහල්පති) මොහාන් ලාල් ගුණරංසි මහතා (විදුහල්පති), ලසන්ත කුමාර මහතා (ක‍්‍රිකට් භාර සහය ආචාර්ය), රුසිරි රවිසංඛ (උප නායක) සහ තිළිණ සිල්වා (නව පුහුණුකරු)

පසු පෙළ වමේ සිට: ඉමල්ක ජයකොඩි, භනුර පසන්ජිත්, අකිල ප‍්‍රමෝද්‍ය, රවීන් ලක්‍ෂාන්, ඉෂංක යසිත්, සචින් තාරුක, ගිහාන් මධුෂ්ක, පැතුම් නිර්මාල්, භාෂිත ලක්‍ෂාන්, නිලාන් ප‍්‍රනාන්දු, අබිරු අචින්ත, ඉෂාර ඩිල්ෂාන් සහ දුෂාන් මාලිංග

 

පානදුර ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: සුමේධ පීරිස් මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), අජිත් බේසිංහ මහතා (කනිෂ්ඨ ක‍්‍රිකට් බාර ආචාර්ය), සුදේෂ් කුමාර, කවිදු කුලරත්න, තනූජ අකලංක (නායක), එම්. එන්. එච්. ටී. පී. ද සිල්වා මහතා (විදුහල්පති), නදුන් දර්ශන (උප නායක), මලිත් ගුණවර්ධන, සිතුම් ප‍්‍රමෝද, උපුල් ගුණතිලක මහතා (ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් බාර ආචාර්ය) සහ ජී. රණසිංහ මහතා (පුහුණුකරු)

පසු පෙළ වමේ සිට: දිල්ෂාන් ප‍්‍රසන්න, ප‍්‍රමෝද් සදරුවන්, ගිහාන් අංජන, රසිල පීරිස්, අෂාන්  දිල්හර, තමිදු නිවර්තන, ප‍්‍රවීන් සදමාල්, රසිදු ඉෂාන්, සකුන් රුක්‍ෂාන්, රවිදු විෂාන් සහ හේෂාන් යසේන්ද්‍ර

 


අදහස් (0)

පානදුරේ ‘හරිත සටන’ 25-26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.