Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර ‘හරිත සටන’ 9-10

පානදුර ‘හරිත සටන’ 9-10

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන 26 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (09 සහ 10) දෙදින පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 25 දී රාජකීය විදුහල තරග තුනක්ද, ශාන්ත ජෝන් විදුහල තරගයක් ද ජය ලබා තිබේ. අවසන් වරට රාජකීය විදුහල 2012 වසරේ චරිත් රුචිරංගගේ නායකත්වයෙන් ජය ලැබීය.

මෙවර පානදුර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස බනුර විජේසූරිය ද, ශාන්ත ජෝන් විදුහල් පිලේ නායකයා ලෙස රුක්‍ෂාන් දිසානායක ද, කටයුතු කරති.

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන පානදුර රාජකීය විදුහල මෙම තරග වාරයේ තරග නවයකට සහභාගි වී හොරණ තක්‍ෂිලා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල යන කණ්ඩායම්වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් ලබා තිබේ. රාජකීය විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල හමුවේ පරාජය වී ඇත.

පානදුර ශාන්ත ජෝන් විදුහල වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරමින් තරග 12 කට සහභාගි වී තරග අටක් විසඳුමකින් තොරව අවසන් කර ඇති අතර තරග හතරක් පරාජයට පත්වූ බව එම විදුහල පවසයි.

දෙවිදුහල් අතර 19 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය ඉරිදා (11 වැනිදා) පානදුර මහජන ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

පානදුර රාජකීය විදුහල් සංචිතය:
බනුර විජේසූරිය (නායක), දුලන්ත කවිඳු (උප නායක), කලන නවීන්, කවීෂ් ආදිත්‍ය, සචින් චමුදිත, දුෂාන්ත මධුසංඛ, සංචිත උදාන, ධනංජ ප්‍රසාද්, කාවින්ද ගයාන්, මලිදු අෂේන්, නිපුන් චානුක, දුෂාන් මාලිංග, යුවන් විදුරංග, රසාන්දික රුක්‍ෂාන්, අකිල ශෙනේෂ්, විතික්‍ෂණ දේශාන්, රනේෂ් සිල්වා, මිලින්ද සංජය සහ තරුෂ නෙත්සර

පානදුර ශාන්ත ජෝන් විදුහල් සංචිතය:
රුක්‍ෂාන් දිසානායක (නායක), අෂාන් දිල්හාර (උප නායක), තමිඳු නිවර්ථන, ප්‍රවීන් සඳමාල්, සුමුදු උදාර, මනීෂ ගුණවර්ධන, පසන් පෙරේරා, සංජු අභිෂේක්, රෙෂාන් මලිත්, ජයසංඛ පෙරේරා, දිල්ෂ ප්‍රසන්න, තරුෂ තේනුවර, නවීන් පීරිස්, සචින් ධනංජය, දිනුක ප්‍රභාත්, දිනුෂ්ක මධුසංඛ සහ අවිෂ්ක ඉෂාන්

 


අදහස් (0)

පානදුර ‘හරිත සටන’ 9-10

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.