පානදුර ශ්රී සුමංගල විදුහල වයස 15 න් පහළ ක්රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්රී සුමංගල විදුහල් ක්රීඩකයෝ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලූ 7 ක පහසු ජයක් ලැබූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 163 (එම්. පීරිස් 57, ඩි. බුයිසර් 26, සංජීප කයුමාල් 27/2, නිපුන දේශාන් 39/2)
ශ්රී සුමංගල විදුහල ඕවර 38.4 කදී කඩුලූ 3 ට 164 (හේෂාන් ධනුෂ්ක නොදැවී 71, නදිරු රුක්ෂාන් 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.