Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි ලෝඩර්හිල් ක්‍රීඩාංණයේදී පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176 ක් පමණි. සුෆියාන් මුකීම්, මොහොමඩ් නවාස්, සයිම් අයුබ් සහ හසන් අලී කඩුල්ල බැගින් බිඳහෙළමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අහිර කර දැමූහ.
ආරම්භක පිතිකරු ඇලික් ඇතෑනස් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක් රැස්කළද කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු 35 කට මුහුණදුන් ශර්ෆේන් රදර්ෆෝඩ් එහිදී ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරුවන් වූ සහිබ්සාදා ෆර්හාන් (74) සහ සයිම් අයුබ් (66) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
පන්දු 53 කදී වාර්තා වූ ෆර්හාන්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 49 කදී වාර්තා වූ අයුබ්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. එහිදී ශාමර් ජොෂප් යැවූ ඕවර 4 තුළ ලකුණු 57 ක් රැස්කිරීමටද කොදෙව් පිතිකරුවෝ සමත් වූහ.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 කට 189
(සහිබ්සාදා ෆර්හාන් 74, සයිම් අයුබ් 66, හසන් නවාස් 15)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176
(ජෙවෙල් ඇන්ඩෘ 24, ඇල්ක් ඇතෑනස් 60, ශර්ෆේන් රදර්ෆෝඩ් 51, රොස්ටන් චේස් 15)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.