Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට 2-1 ක තරගාවලි ජයක්

පාකිස්තානයට 2-1 ක තරගාවලි ජයක්

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඩ් රිස්වාන් (නොදැවී 91) සහ බාබර් අසාම් (52) පිතිහරඹයත්, හසන් අලීගේ (18/4) පන්දු යැවීමත් හේතුවෙන් සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය ලකුණු 24 කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද පාකිස්තානයට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත්විය. 

වේගවත් පිතිහරඹයක නිරතවූ මොහොමඩ් රිස්වාන් පන්දු 60 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් පාකිස්තානු ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳි සිටියේය. රිස්වාන්ට අනගි සහයක් ලබාදුන් නායක බාබර් අසාම් පන්දු 46 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

ලුක් ජොන්ග්වී ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගැනිමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු  ක් පමණි.

වෙස්ලි මදිවෙරේ පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. ටඩිවන්ශේ මරුමානි පන්දු 26 කදී ලකුණු 35 ක් ලබාගත් අතර බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 20 ක් ලබාගත්තේව.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ හසන් අලී සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය. 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 165
(මොහොමඩ් රිස්වාන් නොදැවී 91, බාබර් අසාම් 52, ලුක් ජොන්ග්වී 37/3)

සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 141
(වෙස්ලි මදිවෙරේ 59, ටඩිවන්ශේ මරුමානි 35, බ්‍රෙන්ඩන් ටේලර් 20, හසන් අලී 18/4, හැරිස් රාවුෆ් 34/2)


අදහස් (0)

පාකිස්තානයට 2-1 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.