Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය නූලෙන් බේරෙයි

පාකිස්තානය නූලෙන් බේරෙයි

editorial - 2019 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූයේ ලකුණු 300 ඉක්මවා ගිය ඉනිම වලිනි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සකස් කළ තණතීරු කොයිතරම් දුරට පිතිකරුවන්ට යෝග්‍ය වූයේද යත් නරඹන්නන් සඳහා සකස් කළ ලකුණු සටහන් පත් ලකුණු 400 සිට 500 දක්වා වෙනස් කරන ලදි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිවකු එළිපිට නොකී නමුත් ඔවුන්ගේ යටි අරමුණ වූයේ මෙම තරගාවලියේ එක් අවස්ථාවකදී ලකුණු 500 ඉනිමක් සටහන් විය හැකි බවයි.

තරගාවලියේ සත්කාරකයන් වන එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 232 ක් ආරක්‍ෂා කරගත් අකාරයටම ඇෆ්ඝනිස්තානුවෝද ලකුණු 227 ක් ආරක්‍ෂා කරගැනීමට සූදානම් වූ නමුත් ඉමාඞ් වසිම් සහ ශදාබ් ඛාන් එක්ව කළ ධෛර්යවන්ත පිතිහරඹයත්, පන්දු 9 කින් ලකුණු 15 ක් උදුරාගත් වහබ් රියාස්ගේ අභීත ඉනිමත් නිසා ලීඞ්ස්හිදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානුවෝ නූලෙන් බේරුණහ.

ලකුණු 228 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කණ්ඩායම කඩුලු 3 ක අතිශය තියුණු ජයක් ලබාගන්නා විට තරගයේ ඉතිරිව තිබුණේ පන්දු දෙකක් පමණි. මෙම ජයත් සමගින් පාකිස්තානය ලෝක කුෂලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තු ඉතිරි කරගත්හ. ජයග්‍රහණය නිසා ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයට පැනගැනීමට පාකිස්තානය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් වමත් වේග පන්දු යවන්නා වන ෂශීන් ෂා අෆ්රිඞ්ගේ පන්දු යැවීම හේතුවෙන් ඇෆ්ඝනිස්තානුවෝ අමාරුවේ වැටුණහ.

ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත් අෆ්රිඩි පිට පිටම පන්දු දෙකකදී කඩුලු 2 ක් දවාගනිමින් තම කණ්ඩායම තරගයට කැඳවාගෙන ආවේය. දිගු සම්බන්ධතා වලට ඉඩ නොතබමින් පිතිකරුවන් දැවී ගිය හෙයින් ලකුණු 250 න් ඔබ්බට යාම අසීරු අභියෝගයක් විය.

ආරම්භක පිතිකරු ෆකර් සමාන් ලකුණු නොලබා දැවී යාමෙන් පසුව බාබර් අසාම් සහ ඉමාම් උල් හක් දෙදෙනා එක්ව ඉනිම පිළිසකර කළහ. එහෙත් මෙම පිතිකරුවන් දෙදෙනාම පන්දු 8 ක් ඇතුළත දැවී යාම නිසා පාකිස්තානය අමාරුවේ වැටිණ.

පන්දු 30 කින් ලකුණු 46 ක් අවශ්‍යව තිබියසී අවසන් ඕවර 5 ආරම්භ වූ අතර ඉමාඞ් වසිම් එම ඕවරයෙන් ලකුණු 17 ක් උදුරා ගත්තේ වයිඞ් පන්දුවක වාසියද කණ්ඩායමට එකතු කරමිනි. මෙම ඕවරයේදී ඉමාඞ් වසිම්ගේ පහරක් වැරදී ගියද එයින් ඉහළ ගිය උඩපන්දුව අස්ගර් ඇෆ්ගන්ට රැකගත නොහැකි විය. අස්ගර් උඩපන්දුව අතහැරියේ කනිෂ්ඨ ක්‍රීඩකයකුටත් වාඩා දුර්වල විලාසයෙනි.

..


අදහස් (0)

පාකිස්තානය නූලෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.