Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවේශපත් මිල හතර ගුණයකින් නගී

ප්‍රවේශපත් මිල හතර ගුණයකින් නගී

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ මස 19 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්වලට දැඩි ඉල්ලුමක් ඇතිවීම නිසා සාමාන්‍ය මිලට වඩා සිවු ගුණයකින් පමණ වැඩි මිලට ප්‍රවේශපත් අළෙවි වන බව වාර්තා වේ.

එම තරගයේ ‘ප්ලැටිනම්’ ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750 ක් පමණ වන අතර ඊයේ රාත්‍රී වන විට එම ප්‍රවේශපතක් ඩිරාම් 2000 කට හෙවත් රුපියල් 90,000 කට අන්තර්ජාලයේ අළෙවි විය.

එම තරගයේ ප්‍රභූ පංතියේ ප්‍රවේශපතක් ඩිරාම් 6000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 270,000 පමණ වේ. තවද ඉහළ පංතියේ ප්‍රේක්‍ෂකාගාරයක ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 5000 ක් හෙවත් රුපියල් 225,000 ක් පමණ වේ.

එම තරගයේ ප්‍රවේශපත් සෙසු තරගවල ප්‍රවේශපත්වලට වඩා සාමාන්‍ය මිල සිවු ගුණයකට වඩා වැඩි අතර එම තරගයේ අඩු මිල ප්‍රවේශපතක් ඩිරාම් 150 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 6750 ක් පමණ වේ. එම තරගයේ විශේෂ ප්‍රවේශපත් හැරෙන්නට සෙසු සියලුම ප්‍රවේශපත්  ඊයේ වන විට අළෙවී තිබුණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැති තරගයේ අඩුම ප්‍රවේශපතක් ඩිරාම් 35 ක් හෙවත් රුපියල් 1575 ක් පමණ විය. එම තරගයේ ප්‍රභූ පංතියේ ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 2000 ක් වෙහත් රුපියල් 90,000 ක් විය.   

 


අදහස් (0)

ප්‍රවේශපත් මිල හතර ගුණයකින් නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.