
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය.
................................................................................................................
පස්වරු 9.55
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවහටිහිදී අද (5 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
................................................................................................................
පස්වරු 9.00
තවමත් ක්‍රීඩාංගණය පිළිසකර කෙරෙමින් පවතී. යළි ක්‍රීඩාංගණය පරික්ෂා කර බැලීම රාත්‍රී 9.30 ට. ඕවර 5 බැගින් හෝ ක්‍රීඩා කිරීමට නම් රාත්‍රී 9.45 ට හෝ තරගය ආරම්භ කළ යුතුය.
................................................................................................................
පස්වරු 8.25
මේ වන විට වර්ෂාව නතර වී ඇති අතර ක්‍රීඩාංගණය අවට පිළිසකර කරමින් පවතී.
.................................................................................................................
පස්වරු 8.00
දිගින් දිගටම වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරග ආරම්භය තවදුරටත් පමා වෙයි. යළි ක්‍රීඩාංගණය පරික්ෂා කර බැලීම රාත්‍රී 9.00 ට.
.................................................................................................................
පස්වරු 7.00
වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරග ආරම්භය තරමක් පමා වෙයි.
.................................................................................................................

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවහටිහිදී අද (5 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ ළහිරු කුමාර
ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, ශිකර් ධවාන්, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, ශිවම් ඩූබ්, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදව්, ශර්දුල් ඨාකූර්, නව්දීප් සානි සහ ජස්ප්‍රීට් බුම්රා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.