ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි අඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (30) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 289 ක් ලබා ලකුණු 70 ක් ඉදිරියෙන් සිටියේය.
ශී‍්‍ර ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සලිදු උෂාන් පන්දු 254 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 77 ක් රැස් කළේය.
ශද්මන් ඉස්ලාම් පන්දු 167 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් තරගයේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී ලංකා යොවුන් පිලේ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක නිෂාන් පීරිස් ලකුණු 91 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම 216
(කවීන් බණ්ඩාර 22, සලිදු උෂාන් 77, චරිත් අසලංක 16, මාලිංග අමරසිංහ 26, සමූ අෂාන් 18, රවි`දු තිලකරත්න 25, අසිත ප‍්‍රනාන්දු 23, මෙහෙඩි හසන් 65/3, නිහදුෂාමන් 55/5)
බංග්ලාදේශ වයස 19 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 8 ට 289
(යසිෆ් හසන් 19, ශද්මන් ස්ලාම් 56, ජෙයිරෂ් ශීක් නොදැවී 100, මෙහෙඩි හසන් 41, නිහදුෂාමන් 29, නිෂාන් පීරිස් 91/4, රවි`දු තිලකරත්න 58/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.