‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) හයවැනි සතිය නිමාවන විට ඡන්ද 2193 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් විය. ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 214 කි.
පසුගිය සතියේදී සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ඉකුත් සතියේදී ලබාගත් 536 ත් සමග සිය මුලූ ඡන්ද සංඛ්‍යාව 1471 දක්වා වර්ධනය කරගැනීමට සමත්වී ඇත.
තෙවැනි ස්ථානයේ පසුවන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 199 ත් සමග මේ වන විට ලබා සිටින මුලූ ඡන්ද සංඛ්‍යාව 975 කි.
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලන් ඡන්ද 434 ක් සහ 303 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු ඡන්ද 832 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 84 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමි වී තිබේ. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡුන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 2193 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 1471 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 975 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 434 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 303 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| රවිඳු කොඩිතුවක්කු | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 87 |
| ගිෂාත් පණ්ඩිතරත්න | කොළඹ රාජකීය විදුහල | 77 |
| හිමාෂ හෂේන් | පන්නිපිටිය ධර්මපාල විදුහල | 74 |
| ගීතාල් ප‍්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 68 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 62 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 59 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 59 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 52 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 50 |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 48 |
| කවිඳු බණ්ඩාර | කොළඹ නාලන්දා විදුහල | 46 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 39 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 35 |
| තුලින දිල්ෂාන් | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 28 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 22 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප‍්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 832 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 84 |
ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ
1 කේ. එස්. එම්. පී. ප‍්‍රනාන්දු, 141/24 ඒ, මෝලවත්ත, රිලවුල්ල, කඳාන
2 ඩබ්ලිව්. ආරියසේන, 50/3/1, හීනටිකුඹුර, තලංගම දකුණ, බත්තරමුල්ල
3 ජයසංක ප‍්‍රනාන්දු, ජයන්ත ස්ටෝර්ස්, මාරවිල, හලාවත
4 පාලිකා මධුමාලි, සමගිපුර, අංගමුව, පාදුක්ක
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.