‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) 10 වැනි සතිය නිමාවට පත්වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස්, ඉකුත් සති 2 තුළදී ලබාගත් ඡන්ද 1367 ත් සමගින් සිය ඡන්ද සංඛ්‍යාව 5120 ක් දක්වා වර්ධනය කරගෙන තිබේ.
පවන් ඩයස්ට වඩා ඡුන්ද 1061 ක් පසුපසින් සිටින කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ඡුන්ද 4059 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ඉකුත් සති 2 තුළදී සිය ඡුන්ද ගොන්නට ඡුන්ද 877 ක් එක් කර ගැනීමට ඔහු සමත් වී ඇත.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ පිළිවෙලින් ඡුන්ද 2740 ක් සහ 1599 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
ඡුන්ද 1643 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡුන්ද 94 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 5120 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 4059 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 2740 |
| ලක්ෂිණ රුද්රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1599 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 483 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 303 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 123 |
| ගීතාල් ප්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 94 |
| රවිඳු කොඩිතුවක්කු | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 87 |
| ගිෂාත් පණ්ඩිතරත්න | කොළඹ රාජකීය විදුහල | 77 |
| හිමාෂ හෂේන් | පන්නිපිටිය ධර්මපාල විදුහල | 74 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 72 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 67 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 59 |
| කවිඳු බණ්ඩාර | කොළඹ නාලන්දා විදුහල | 50 |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 48 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 40 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 35 |
| තුලින දිල්ෂාන් | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 28 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 22 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 1643 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 104 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ශානිල්ක ප්‍රනාන්දු, 30/4 ඒ, විවේකාරාම පාර, වාද්දුව
2 ජනක කරුණාතිලක, ‘සිගාර’, සින්නපාදුව, කොත්තතිව්, මුන්දලම
3 පී. ඩයස්, 15/2, කර්ල්ශූ ගාඞ්න්ස්, කොළඹ 10
4 ආසිරි දිසානායක, 10/1/ඒ, කඳවත්ත, පාදුක්ක
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.