Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ බංග්ලාදේශයට ජය ගෙනෙති

පන්දු යවන්නෝ බංග්ලාදේශයට ජය ගෙනෙති

editorial - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මෙහෙදි හසන් (25/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩකාහිදි අද (22 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටීමටද බංග්ලාදේශයට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 43.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි.

පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළ රෝව්මන් පවෙල් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. ජෝන් ඔට්ලි ලකුණු 24 ක් සහ කෘමාර් බෝනර් ලකුණු 20 ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
මෙහෙදි හසන් ඕවර 9.4 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සකීබ් අල් හසන් සහ මුස්ටෆීසූර් රහ්මන් කඩුලු දෙක බැගින් දවාගනිමින් කොදෙව් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 33.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

නායක ටමීම් ඉක්බාල් පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් බංග්ලාදේශ පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. නොදැවී ලකුණු 43 ක් රැස්කළ සකීබ් අල් හසන් බංග්ලාදේශ පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 50 කට මුහුණදුන් සකීබ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 43.4 සියලුදෙනා දැවී 148
(රෝව්මන් පවෙල් 41, ජෝන් ඔට්ලි 24, කෘමාර් බෝනර් 20, මෙහෙදි හසන් 25/4, සකීබ් අල් හසන් 30/2, මුස්ටෆීසූර් රහ්මන් 15/2)

බංග්ලාදේශය - ඕවර 33.2 කදී කඩුලු 3 ක් දැවී 149
(ටමීම් ඉක්බාල් 50, සකීබ් අල් හසන් නොදැවී 43, ලිටන් දාස් 22)

- 2079

 


අදහස් (0)

පන්දු යවන්නෝ බංග්ලාදේශයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.