Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය පහසු කරති
විස්සයි-20 ලෝක කුසලාන

පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය පහසු කරති

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. බුවනේෂ්වර් කුමාර්, අක්සර් පටේල්, රවිචන්ද්‍රන් අෂ්වින් සහ අර්ෂ්දීප් සිං කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණඩායමේ ජයග්‍රහණය පහසු කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි, පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේ ඉන්දීය කණ්ඩායම් නැංගුරම බවට පත්වෙමිනි. 

නායක රෝහිත් ශර්මා (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (නොදැවී 51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 95 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ෆ්‍රෙඩ් ක්ලාසන්ගේ පන්දුවක් හමුවේ කොලින් ඇකර්මාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 39 කට මුහුණදී සිටි ශර්මා, හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සරසා තිබිණ. පන්දු 25 කදී වාර්තා වූ යාදව්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 2 කට 179 
(රෝහිත් ශර්මා 53, විරාට් කෝලි නොදැවී 62, සූර්යකුමාර් යාදව් නොදැවී 51)

නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 කට 123 
(මැක්ස් ඕඩොව්ඩ් 16, බාස් ඩි’ ලීඩ් 17, කොලින් ඇකර්මාන් 17, ටිම් ප්‍රින්ගල් 20, ශරිස් අහමඩ් නොදැවී 16, පෝල් වැන් මීකෙරෙන් නොදැවී 14, බුවනේෂ්වර් කුමාර් 09/2, අක්සර් පටේල් 18/2, රවිචන්ද්‍රන් අෂ්වින් 21/2, අර්ෂ්දීප් සිං 37/2) 

-036


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාවේ ජය පහසු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.