Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් පිල යළි හිස ඔසවයි
අයි.පී.එල්. 2023

පන්ජාබ් පිල යළි හිස ඔසවයි

editorial - 2023 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. පන්ජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 4 වැනි ජයග්‍රහණය මෙය විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට ඕවර 20 කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳහෙළමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය.  

කැමරන් ග්‍රීන් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 67 ක්ද, සූර්යකුමාර් යාදව් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 57 ක්ද රැස්කිරීමට සමත් වූ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. නායක රෝහිත් ශර්මා පන්දු 27 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ සෑම් කරන් පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 55 ක් රැස්කළේය. ඔහුට අනගි සහායක් දුන් හර්ප්‍රීත් සිං පන්දු 28 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 214
(ප්‍රභාසිම්රන් සිං 26, අතර්වා තායිඩේ 29, හර්ප්‍රීත් සිං 41, සෑම් කරන් 55, ජිතේෂ් ශර්මා 25, පියුෂ් චවුලා 15/2, කැමරන් ග්‍රීන් 41/2)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 201  
(රෝහිත් ශර්මා 44, කැමරන් ග්‍රීන් 67, සූර්යකුමාර් යාදව් 57, ටිම් ඩේවිඩ් නොදැවී 25, අර්ෂ්දීප් සිං 29/4)

-036


අදහස් (0)

පන්ජාබ් පිල යළි හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.