Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිළියන්දල මැදි විදුහලට දැවැන්ත ජයක්

පිළියන්දල මැදි විදුහලට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මැදි විදුහල සහ කොලොන්නාව හෙන්රි  ඕල්කට් විදුහල අතර කොලොන්නාවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 327 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත් විය.

පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (57) සහ දෙවැනි ඉනිමේදී ශතකයක් (104) ලබාගැනීමට ගිම්හාන ධනුෂ්ක සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ හෙන්රි  ඕල්කට් විදුහලේ විනුජ මෙවන්ත ලකුණු 63 කට කඩුලූ 10 ක් දවාගත්තේය.

පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 52.1 කදී සියලූ දෙනා දැවී 165
(ගිම්හාන ධනුෂ්ක 57, චමෝද් සඳරු 28, විනුජ මෙවන්ත 28/7, සවින්ද සේරසිංහ 38/2)

හෙන්රි  ඕල්කට් විදුහල පළමු ඉනිම -  ඕවර 27.5 කදී සියලූ දෙනා දැවී 71  
(මධුෂංක අල්මේදා 36, උෂාන් දීමන්ත 07/4, මල්ෂාන් ගුණතිලක 18/2)

පිළියන්දල මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 41 කදී කඩුලූ 6 ක් දැවී 270
(ගිම්හාන ධනුෂ්ක 104, චමෝද් සඳරු 45, ජමිත් දිල්ෂාන් 38, විනුජ මෙවන්ත 35/3)

හෙන්රි  ඕල්කට් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 20.4 කදී සියලූ දෙනා දැවී 37  
(හේෂාන් මධුෂංක 03/4, රුචිර අධිකාරි 02/2)

-036

 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.