Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක්
විස්සයි-20 ලෝක කුසලාන

නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක්

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. 

පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලබාගත් විරාට් කෝලි, පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේ ඉන්දීය කණ්ඩායම් නැංගුරම බවට පත්වෙමිනි. 

නායක රෝහිත් ශර්මා (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (නොදැවී 51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 95 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී පන්දු 39 කට මුහුණදුන් ශර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 25 කදී වාර්තා වූ යාදව්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 2 කට 179
(රෝහිත් ශර්මා 53, විරාට් කෝලි නොදැවී 62, සූර්යකුමාර් යාදව් නොදැවී 51)

-036 


අදහස් (0)

නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.