Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරන ලදි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 9 ට 216 යි
(හිරුක එදිරිසූරිය 59, මිහේල මින්තක 51, ගගන අභිලාෂ් 47, අදීප රාජපක්ෂ 43/4, මෙත්මල් කුමාරගේ 04/2)
මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 125 යි
(දිලිත ඒකනායක 26, අදීප රාජපක්ෂ 20, සෙනෙතු තිසෙන් 38/4, මිහේල මින්තක 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.