Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)
පන්නල ජාතික පාසල හා අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල අතර නීල සුලෝහිත මහ ක්‍රිකට් ගැටුම අද (21) පන්නල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
පන්නල ජාතික පාසලේ කණ්ඩායම් නායක ලෙස ගිහාන් ධනංජය කටයුතු කරන අතර, අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල් කණ්ඩායමේ නායකයා ලෙස රවිදු ලක්ෂාන් කටයුතු කරනු ලබයි.
නීල සුලෝහිත මහා ක්‍රිකට් ගැටුමේ සත්කාරක පාසල ලෙස පන්නල ජාතික පාසල කටයුතු කරන අතර, සීමිත පන්දු වාර 50 එක් දින තරගයක් ලෙස මෙය පවත්වනු ලබයි. පන්නල ජාතික පාසලේ විදුහල්පති මේජර් එච්.එම්. අජිත් සී කුමාර සහ අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසලේ විදුහල්පති එච්.එම්.ඒ.බී. හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත විද්‍යාල දෙකෙහි ක්‍රීඩාභාර ආචාර්යවරුන් හා ක්‍රිකට් කණ්ඩායම් භාර පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ පාසල් දෙකෙහි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් දෙක මෙහිදී තරග වදිනු ඇත.
පන්නල ජාතික පාසලේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වූ දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන මේජර් එච්.එම්. අජිත් සී. කුමාර හා එච්.එම්.ඒ. බී. හේරත් යන මහත්වරුන් පැවැසුවේ නීල සුලෝහිත මහ සංග්‍රාමය මහ ක්‍රිකට් තරගය කුමන තත්වයන් මැද වූවත් මෙතැන් සිට අඛණ්ඩව පවත්වා ගෙන යාමට දෙවිදුහල උනන්දුවී සිටින බවයි.
එහිදී ක්‍රීඩකයන්ට නිල ඇඳුම් ලබාදීමෙන් හිටපු පුහුණුකරු අමිල මහතා හා පන්නල ජාතික පාසල් සමූපකාර සමිතියටත් එමෙන්ම දෙවිදුහලේ ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු අන්‍යධන කාර්ය මණ්ඩල වෙත කෘතවේදී වන
බවත් ඔවුහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේදී පැවසූහ.
පන්නල ජාතික පාසල
අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.