Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාවික හමුදා කණ්ඩායම අවසන් තරගයට

නාවික හමුදා කණ්ඩායම අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නාවික හමුදා කණ්ඩායම අද (04 වැනිදා) සමත්විය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 183 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් යුද හමුදා ‘බී’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා නාවික හමුදා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

හසිනි පෙරේරා (59), හර්ෂිතා සමරවික්‍රම (58) සහ ශෂිකලා සිරිවර්ධන (58) අර්ධ ශතක ලබාගනිමින් නාවික හමුදා කණ්ඩායම ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට ඔවුන් සමත්වූහ. යුදහමුදා ‘බී’ කණ්ඩායමේ ජනනි කෞෂල්‍යා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය යුදහමුදා ‘බී’ කණ්ඩායමට ඕවර 28.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 52 ක් පමණි.

යුදහමුදා ‘බී’ කණ්ඩායමේ පිතිකාරියන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදුන් ඉනෝකා රණවීර ලකුණු 13 කට කඩුලු 4 ක් සහ ශෂිකලා සිරිවර්ධන ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 235
(හසිනි පෙරේරා 59, හර්ෂිතා සමරවික්‍රම 58, ශෂිකලා සිරිවර්ධන 58, ජනනි කෞෂල්‍යා 31/3)

යුදහමුදා ‘බී’ කණ්ඩායම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 52
(ඉනෝකා රණවීර 13/4, ශෂිකලා සිරිවර්ධන 15/3)


අදහස් (0)

නාවික හමුදා කණ්ඩායම අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.