Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල අද (24 වැනිදා) සමත් විය.
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලට එරෙහිව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 111 ක ජයක් අත්කර ගනිමින් නාලන්දා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
නාලන්දා විදුහල වෙන්වෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට කසුන් සඳරුවන් (67) සහ කවිඳු බණ්ඩාර (50) සමත් වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ඇලවීෂියස් විදුහල් කණ්ඩායම ලකුණු 88 කට සීමා කිරීමට නාලන්දා විදුහල් කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ උමේක්ෂ දිල්ෂාන් සහ සුහන්ග විජේවර්ධන කඩුලූ 3 බැගින් දවාගත්හ.
නාලන්දා විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 199
(කසුන් සඳරුවන් 67, කවිඳු බණ්ඩාර 50, අසේල් කුලතුංග 27, මධුෂාන් හසරංග නොදැවී 26, හරීන් බුද්දිල 32/3, ප‍්‍රබෝධ ගුරුගේ 22/2, ගිහාන් නිරෝෂන් 48/2, සජිත් සංකල්ප 54/2)
ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 88
(නවිඳු නිර්මාල් 20, උමේක්ෂ දිල්ෂාන් 16/3, සුහන්ග විජේවර්ධන 17/3, කවිඳු බණ්ඩාර 7/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.