අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ පමුණුගම ගොන්සාල්වෙස් විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් දසුන් ෆොන්සේකා (55) ද, ගොන්සාල්වෙස් විදුහල වෙනුවෙන් සහන් කෝසල (53) සහ නිසල ආකාෂ් (51) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
නාලන්දා මැදි විදුහල - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 226
(දසුන් ෆොන්සේකා 55, ශෂික සමීර 43, කාවින්ද දේෂාන් 24, ධනංජය විඳුරංග 47/3, නිසල ආකාෂ් 32/2)
ගොන්සාල්වෙස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 171
(සහන් කෝසල 53, නිසල ආකාෂ් 51, ධනංජය විඳුරංග නොදැවී 28, චානක සමීර 33/3, අවිෂ්ක ලක්ෂාන් 13/2, චාරුක ජනිත් 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.