
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටියහ.
ඒ අනුව ද්‍රවිඩ සංගම් කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව නුගේගොඩ කණ්ඩායමට වඩා ලකුණු 329 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි ශාරුජන් ශන්මුගනාදන් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 51 ක් ලබා සිටියේය. සචිත ජයතිලක ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 4 ක් සමගිනි.
පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 139 ක් ලබා සිටි ද්‍රවිඩ සංගම් කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 278 ක් එක්කර ගත්තේය. එහිදී සිය සිවුවැනි පළමු පෙළ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු නවොද් පරණවිතාන (126) හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය.
තුලින දිල්ෂාන් (33) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද්, ඉන් නොනැවතී සිනෙත් ජයවර්ධන (29) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 74 ක්ද, විහන් තෙව්මික (46) එක්ව තෙවැනි කඩුල්ලට තවත් ලකුණු 74 ක්ද එක් කළේය. නායක මිනෝද් භානුක ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් නුගේගොඩ ඉනිම ලකුණු 88 කට සීමා කිරීමට ද්‍රවිඩ සංගම් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදි නුගේගොඩ ඉනිම සුනුවිසුණු කර දැමූ ළහිරු සමරකෝන් ලකුණ් 38 කට කඩුලු 7 ක් බිඳහෙළුවේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් තරිඳු රත්නායක ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.
නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 88
(ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ළහිරු සරමකෝන් 38/7, තරිඳු රත්නායක 23/2)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 417
(නවෝද් පරණවිතාන 126, තුලින දිල්ෂාන් 33, සිනෙත් ජයවර්ධන 29, විහන් තෙව්මික 46, මිනෝද් භානුක 61, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 51, සචිත ජයතිලක 37, සුවත් මෙන්ඩිස් 71/3, තිලකරත්න සම්පත් 89/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.