Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැමිල්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණූ 134 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය අද (6 වැනිදා) සමත්විය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණගත් නවසීලන්තයට ප්‍රසාද ලකුණු 60 ක් හිමිවිය.
තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා තරගය නතර කරනවිට බටහිර ඉන්දීය කොදෙව් පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 196 කට කඩුලු 6 ක් අහිමිකර ගනිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටියේය. ඉරිදා යවන ලද 17 වැනි ඕවරයේදී කොදෙව් ඉනිම අවසන් කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ජර්මේන් බ්ලැක්වුඞ් ශතකයක් සහ අල්සාරී ජෝසප් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
මිනිත්තු 239 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 141 කට මුහුණදුන් ජර්මේන් බ්ලැක්වුඞ් හයේ පහර 2 ක් සහ හතර් පහර 11 ක් සමගින් ලකුණු 104 ක් රැස්කිරීමට සමත්වූ අතර මිනිත්තු 167 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි අල්සාරී ජෝසප් පන්දු 125 කදී හයේ පහර 3 ක් සහ හතර් පහර 9 ක් සමගින් ලකුණු 86 ක් ලබාගත්තේය.
නීල් වැග්නර් කඩුලු 4 ක් සහ කයිල් ජැමීසන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු 89 කට කඩුලු 6 ක් දැවී තිබියදී ජර්මෙයින් බ්ලැක්වුඞ් සහ අල්සාරී ජෝසප් එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 155 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට උත්සහ කළද අල්සාරී ජෝසප්ගේ දැවී යාමත් සමගින් එම බලාපොරොත්තුව සුන්වී ගියේය.
මුළු ලකුණු සංඛ්‍යාව 244 ක් වනවිට 7 වැනි කඩුල්ල ලෙස අල්සාරී ජෝසප් දැවී ගිය අතර කොදෙව් ඉනිමට තවත් ලකුණු 3 ක් එක්වනවිට 8 වැනි කඩුල්ල ලෙස ජර්මෙයින් බ්ලැක්වුඞ් දැවී ගියේය. බ්ලැක්වුඞ් දැවී ගිය එම ඕවයේ 5 වැනි පන්දුවේදී අවසන් කඩුල්ල ලෙස ශැනන් ගේබි්‍රයල් දැවීයාමත් සමගින් කොදෙව් ඉනිම අවසන්විය. ආබාධයක් හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක ශේන් ඩව්රිච් පන්දුවට පහරදීමට පැමිණියේ නැත.
පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගනිමින් නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් එපිටට ගෙනගිය නායක කේන් විලියම්සන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 519
(ටොම් ලේතම් 86, කේන් විලියම්සන් 251, රොස් ටේලර් නොදැවී 38, කයිල් ජැමීසන් නොදැවී 51, කෙමාර් රෝච් 114/3, ශැනන් ගේබි්‍රයල් 89/3)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 138
(ක්‍රේග් බ්‍රැත්වේට් 21, ජෝන් කැම්බල් 26, ජර්මේන් බ්ලැක්වුඞ් 23, ජේසන් හෝල්ඩර් නොදැවී 25, ටිම් සවුතී 35/4, නීල් වැග්නර් 33/2, කයිල් ජැමීසන් 25/2)
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 247
(ජර්මේන් බ්ලැක්වුඞ් 104, අල්සාරී ජෝසප් 86, නීල් වැග්නර් 66/4, කයිල් ජැමීසන් 42/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.