Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

editorial - 2021 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
පාකිස්තානයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 176 ක ජයක් වාර්තා කළ නවසීලන්තය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක නිරතව සිටි පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 186 කට සීමා කිරීමට කයිල් ජැමීසන් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ජැමීසන් ලකුණු 48 කට කඩුලු 6 ක් දවාගනිමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

මේ දක්වා ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කර ඇති ජැමීසන් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් සිවුවැනි අවස්ථාව මෙය විය. පළමු ඉනිමේදීද ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් ජැමීසන්, ඉනිම් දෙකේදීම කඩුලු 11 කට හිමිකම් කියමින් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. මෙය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවාගත් පළමු අවස්ථාවද විය.

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නිමාවන කඩුල්ලක් දැවී ලකුණු 8 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 178 ක් පමණි. එහිදී පාකිස්තානය වෙනුවෙන් අසාර් අලී හතරේ පහර 6 ක් සමග ලකුණු 37 ක්ද, සෆාර් ගෝහර් හතරේ පහර 7 ක් සමග ලකුණු 37 ක්ද රැස්කළහ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් (129) සහ දෙවැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් (238) ක් ලබාගනිමින් ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයට පැමිණි නවසීලන්ත ‍නායක කේන් විලියම්සන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.


පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
(අබීඩ් අලී 25, අසාර් අලී 93, මොහොමඩ් රිස්වාන් 61, ෆාහීම් අෂ්රෆ් 48, සෆාර් ගෝහර් 34, කයිල් ජෙමීසන් 69/5, ටිම් සවුති 61/2, ට්‍රෙන්ට් බෝල්ට් 82/2)

නවසීලන්තය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 659  
(ටොම් ලේතම් 33, කේන් විලියම්සන් 238, හෙන්රි නිකෝල්ස් 157, ඩර්ලි මිචෙල් නොදැවී 112, කයිල් ජැමීසන් නොදැවී 30, මොහොමඩ් අබ්බාස් 98/2, ශහීන් අෆ්රිඩි 101/2, ෆාහීම් අෂ්රෆ් 106/2)

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 186
(අබීඩ් අලී 26, අසාර් අලී 37, ෆාවඩ් අලාම් 16, ෆාහිම් අෂ්රෆ් 28, සෆාර් ගෝහර් 37, කයිල් ජැමීසන් 48/6, ට්‍රෙන්ට් බෝල්ට් 43/3)

-036  

 


අදහස් (0)

නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.