ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති ධුරය සදහා තිලංග සුමතිපාල තරග වැදීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්රිකට් ක්රීඩක නිශාන්ත රණතුංග මහතා ශශ්රේෂ්ඨාධිකරණ හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්රී ලංකා ක්රිකට් මැතිවරණ කමිටුව ල වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.
එසේම තිලංග සුමතිපාල මහතා ලබන 31 වැනිදායින් පසුව ශ්රී ලංකා ක්රිකට් සභාපති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම වළකාලන නියෝගයක් ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.