අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පැවති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සමත්විය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විදුහලේ පිතිකරුවෝ කඩුලූ 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 127 ක් පමණි. එහිදී ධර්මාශෝක විදුහල විදුහලේ කසුන් මධුරංග ලකුණු 12 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
දේවපතිරාජ විදුහල - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 127
(නිලංක රුක්ෂිත 28, මධුරංග පියුමාල් 26, කසුන් මධුරංග 12/4, සචින් දිවංගන 14/3)
ධර්මාශෝක විදුහල - ඕවර 34 කදී කඩුලූ 6 ක් දැවී 128
(සචින් දිවංගන 24, කසුන් ළහිරු 11/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.