මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 වැනිදා) පැවැති 28 වැනි සීමිත ඕවර තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස්වුඞ් විදුහල ඕවර 48.1 ක් අවසානයේ ලකුණු 209 කට සීමා කිරීමට ධර්මරාජ විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. නවිඳු දිල්ෂාන්, යසිත සමරරත්න සහ උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 2 බැගින් දවාගනිමින් කිංග්ස්වුඞ් විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මරාජ විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර එහිදී ධර්මරාජ විදුහල අර්ධ ශතකයක් ලබාගැනීමට දුලාජ් බණ්ඩාර (67) සමත් විය.
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 214
(දුලාජ් බණ්ඩාර 67, මිතිල ගයාෂාන් 31, සචින්ත සේනානායක 26, බවන්ත උඩන්ගමුව 23, ඉසුරු දයානන්ද 20, උත්පල ජයලත් 40/3, සෞම්‍ය පියසේන 47/2)
කිංග්ස්වුඞ් විදුහල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 209
(ගනිඳු කඹුරුගමුව 33, හෂික ගමගේ 29, දුමිඳු ධෂ්මික 30, සෞම්‍ය පියසේන 24, දීඝායු බණ්ඩාර නොදැවී 24, ධනංජය මදුරංග 21, නවිඳු දිල්ෂාන් 31/2, යසිත සමරරත්න 13/2, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.