අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ පානදුර මහානාම විදුහල අතර පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය. 
එහිදී මහානාම විදුහලේ දේෂාන් පීරිස් (නොදැවී 59) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 159
(කෙමිල ගවින්ද 31, භාතිස ආරියපාල 20, දිනල් ලංකේෂ් 27/3, සෙනුද කිත්නද 44/3, දේෂාන් පීරිස් 31/2)
මහානාම විදුහල - ඕවර 31.5 කදී කඩුලු 3 ක් දැවී 160
(දේෂාන් පීරිස් නොදැවී 59, නෙත්සර සිල්වා නොදැවී 40, ප්‍රවීන් හේෂාන් 31)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.